hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජනවාරි 25, පෙ.ව. 10:02



නුගේගොඩ පිහිටි ප්‍රවාහන වෛද්‍ය ආයතන මූලස්ථානයේ සේවකයන් පිරිසක් මෙම වසරේ කපාහැරි වෛද්‍ය නිවාඩු දීමනාව ගෙවන ලෙස බලකරමින් එම ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවින්ද්‍ර ගමගේ මහතා කාර්යාලයේ සිර කළා.

එම දීමනාව දෙන්නේ යැයි සභාපතිවයරාට ලිපියකට අස්සන් කරන ලෙස බලකර ඇති බව කී ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසුවේ භාණ්ඩාගාරයෙන් කළ කපාහැරීමක් සභාපතිවරයාට නැවත දිය නොහැකි බවයි.

මෙම තත්වය හේතුවෙන් නුගේගොඩ ප්‍රවාහන වෛද්‍ය ආයතන මූලස්ථානයේ කටයුතු සේවකයන් පැය කීපයක් ඉවත්ව සිටි බවත් ආර්ථික අර්බුදය හමුවේ රටේ සියලුම ජනතාව මුහුණ දී සිටින මෙවැනි අවස්ථාවක ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවකයන් ඉල්ලා සිටීම සාධාරණ නොවන බවත් එම නිලධාරියා සඳහන් කළා.

ඒ පිළිබඳව සභාපතිවරයා කොහුවල පොලිසියට පැමිණිළි කර ඇති බවත් වාර්තා වෙනවා.