hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 21, පෙ.ව. 11:50



රුහුණු මහා කතරගම දේවාලයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් බැතිමතුන් පූජා කරන පඬුරුවලින් රුපියලක් හෝ නොලැබෙන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසනවා.

එම පඬුරු සියල්ල කපුමහතුන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදාගන්නා බව බස්නායක නිලමේවරයා චෝදනා කරනවා.

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“ඉල් මහා පෙරහැර මංගල්‍ය දෙසැම්බර් 07 වෙනිදාට යෙදිලා තබෙනවා. මෙවර විශේෂත්වයක් තිබෙනවා ඇසල පෙරහැර මංගල්‍යය අවස්ථාවේදී කපු මහත්වරු විසින් බස්නායක නිලමේවරයා මාස බෙදලා  කපු මහත්තවරුන්ට භාරදීපු ඒ ක්‍රමවේදයට පටහැනිව කපුමහත්වරු විසින් දේවාලයේ යතුර ඔවුන් භාරයේ තබාගෙන තිබෙනවා. ඒ නිසා මේ වනවිට දේවාලයට බැතිමතුන්‌ගෙන් ලැබෙන පූජා වට්ටියේ තිබෙන පඬුරු මුදල් සියල්ල කපු මත්තවරු ඔවුන්ගේ පුද්ගලික පරිහරණය සඳහා යොදවනවා. මේ වනවිට වැඩි මාස දෙකේ සල්ලිවත්, අනෙක් මාසවල සල්ලිවත් සියල්ල ලැබෙන්නේ නැහැ. පූජා වට්ටියේ තිබෙන බැතිමතුන් තිබෙන සියලුම මුදල් ඒ කපු මහත්තවරුගේ ගෙවල්වලට ගෙනියනවා. ඒ කපු මහත්වරුගේ පුද්ගලික ප්‍රයෝජනය සඳහා. ඒ වගේම දේවාලයට ලැබෙන රත්‍රං ඇතුළු පූජා භාණ්ඩ දේවලෙයෙන් රිසිට්පතක් කැඩුවේ නැත්නම් ඒ කපුමහත්වරු ගෙදර ගෙනියනවා. හැබැයි විහාර දේවාලගම් පනත අනුව මේ මුදල් පරිහරණය වියයුත්තේ මේ ක්‍රමයට නෙමෙයි. හාර දේවාලගම් පන‌තේ බොහොම පැහැදිලිව තියෙනවා බැතිමතුන්ගෙන් ලැබෙන පුද පඬුරු කොහොමද පරිහරණය කරන් ඕනේ කියලා.”