hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 25, ප.ව. 5:04



එක්තරා සමාගමක් ‘ඉකෝ ටැබ්ලට්’ නැමැති ඉන්ධනවලට යොදෙන පෙත්තක් ප්‍රවර්ධනය කරමින් ජනතාව නොමඟ යැවීමේ කූට ව්‍යාපාරයක් දියත් කරමින් සිටින බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ පෙට්‍රල්වල ඔක්ටේන් අගය වැඩි කිරීමට සහ ඉන්ධනවල ගෙන්දම් ප්‍රමාණය අඩු කිරීමට පෙති වර්ගයක් ඉන්ධන සමඟ කලවම් කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව කිසිඳු ආයතනයකට උපදෙස් හෝ අනුමැතිය දී නොමැති බවයි.

දේශීය වෙළෙඳපොලේ ඇති ඩීසල් සහ පෙට්‍රල් සම්මත ක්‍රමවේදයකට අනුව පිළිගත් රසායනාගාර පරීක්‍ෂණයකින් තොරව ඒවායේ ඔක්ටේන් අගය අඩු යැයි එම සමාගම කරන ප්‍රචාරයන් පිළිබඳව නීතිමය කටයුතු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දන්වා ඇති බවද එම නිවේදනයේ සඳහන්.

එම කූට ප්‍රචාරයන්ට හසුනොවන ලෙස ඛනිජ තෙල් සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.