hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 31, ප.ව. 3:02



හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ සහ අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වල අද (31) දින සිට පෙට්‍රල් ඉන්ධන හිගයක් පැවතිම නිසා අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හලේ සංචිතයේ තිබෙන ඔක්ටෙන් 95 ඉන්ධන ලබා ගැනිමට පෙට්‍රල් වාහන දිගු පෝලිම් වල ගාල් කර තිබුණා.

ඊයේ (30) දින පස්වරුවේ සිට පෙට්‍රල් ඉන්ධන හිඟය පවතින බවත්, පවත්නා තත්ත්වය මත ඔක්ටෙන් 95 ඉන්ධන තම වාහනයට ලබා ගැනිමට සිදු වී ඇති බවයි වාහන හිමියන් කියා සිටින්නේ.

පෙට්‍රල් ඉන්ධන හිඟය ඇති විමට හේතුව අප එම ඉන්ධන පිරවුම්හල් වල කලමණාකාරවරුන්ගෙන් කල විමසීමේදී ඔවුන් කියා සිටියේ පෙට්‍රල් ඉන්ධන මිල අඩු කිරිමට රජය සුදානම් වන බවට තොරතුරු ලැබි ඇති නිසා පෙට්‍රල් ඉන්ධන ලබා ගැනිමට ඇණවුමක් ඉදිරිපත් නොකල බවයි.

පවත්නා තත්ත්වය මත අද (31) දින බැංකු වැඩ කරන දිනයක් නිසා පෙට්‍රල් ඉන්ධන සිමිත ප්‍රමාණයක් තම ඉන්ධන පිරවුම්හලට ලබා ගැනිමට කටයුතු කරන බවද ඉන්ධන පිරවුම්හල් කලමණාකාරුවන් පැවසුවා.

හැටන් – රංජිත් රාජපක්ෂ