hit counter

2026 මැයි මස 03 වන ඉරිදා

2022 ඔක්‍තෝබර් 31, ප.ව. 3:06



ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම 01 වැනි දින ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිතයි.

ඒ අනුව අද(31) හෝ හෙට(01) දිනයේ එම සංශෝධනය සිදුකිරීමට නියමිතව තිබෙනවා.

මේ හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන හිගයක් ඇතිවී තිබෙන බව වාර්තා වුණා.

ඉන්ධන මිල අඩු ඇතැයි බලාපොරොත්තුවෙන් ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන ඇණවුම් කිරීම ප්‍රමාද කිරීම ඊට හේතුවයි.

මේ හේතුවෙන් හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ සහ අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වල අද (31) දින සිට පෙට්‍රල් ඉන්ධන හිගයක් පැවතිම නිසා අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හලේ සංචිතයේ තිබෙන ඔක්ටෙන් 95 ඉන්ධන ලබා ගැනිමට පෙට්‍රල් වාහන දිගු පෝලිම් දක්නට ලැබුණා.

ඊයේ (30) දින පස්වරුවේ සිට පෙට්‍රල් ඉන්ධන හිඟය පවතින බවත්, පවත්නා තත්ත්වය මත ඔක්ටෙන් 95 ඉන්ධන තම වාහනයට ලබා ගැනිමට සිදු වී ඇති බවයි වාහන හිමියන් කියා සිටින්නේ.