2022 නොවැම්‍බර් 01, පෙ.ව. 4:03
ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 10ක් දක්වා ඉහළ දැමීමට අදාළව මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලියාපදිංචි විය යුතු ආකාරය ප්‍රකාශයට පත්කර තිබෙනවා.
මෙම වැඩසටහන ප්‍රථමයෙන් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කෙරෙනවා.
අනතුරුව එය අනෙක් පළාත් තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ රියදුරන් මීට අදාළ වෙබ් අඩවියට ( https:// Wptaxi.lk ) පිවිසීමෙන් අද සිට ලියාපදිංචි විය හැකියි.
මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීරෝද රථ සඳහා සතියකට ලබාදුන් ඉන්ධන ප්‍රමාණය ලීටර් 10 ක් බවට පත් පත්කිරීමෙන් පසුව නැවත ලියාපදිංචි විය යුතු බවත් මෙම වැඩසටහන පළමුවෙන්ම බස්නාහිර පළාතේ පමණක් ක්‍රියාත්මක වන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
2026 අප්‍රේල් 30, ප.ව. 4:56
2026 අප්‍රේල් 30, ප.ව. 3:36
2026 අප්‍රේල් 30, ප.ව. 12:59
2026 අප්‍රේල් 30, පෙ.ව. 11:55
2026 අප්‍රේල් 30, පෙ.ව. 11:49