hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූනි 10, පෙ.ව. 10:59



දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේදී 09 දින ඉන්ධන බවුසර රථයකින් හොර රහසේ ඉන්ධන පිටතට ගෙන අලෙවි කිරීමේ ජාවාරමක් පොලීසියට හසු කර දීමට මාර්ගයේ ගමන් කළ තොරතුරු කරුවන් පිරිසකට හැකි වී තිබෙනවා.

එම තොරතුරු ලබා දුන් මාර්ගයේ ගමන් ගනිමින් සිටි මගියෙකු සීගිරිය පොලීසියට මෙන්ම ප්‍රදේශයේ ජනමාධ්‍යවේදීන්ට ද මේ බව දුරකථනය හරහා දැනුම් දෙමින් ඔවුන් රහසිගත ස්ථානයක සැඟවී සිට තිබෙනවා.

ත්‍රිකුණාමලය බලා ගමන් කරමින් තිබු ඉන්දියන් සමාගමට අයත් මෙම පුද්ගලික ඉන්ධන බවුසරය රියදුරු සහ රිය සහයක වරයා  කැලෑබද ප්‍රදේශයක ඉන්ධන බවුසරය නවතා එහි තිබූ ඉන්ධන ලීටර්  210ක් වූ බැර දෙකකට සහ තවත් බූලික  කීපයකට ඩිසල් පිටතටතට ගෙන ඇතැයි තොරතුරුකරු පොලිසියට ප්‍රකාශ කොට තිබෙනවා.

පොලිසිය එම ස්ථානයට යන විට කුඩා ලොරි රථයකින්  ඩිසල් ලීටර් 210 ක් පිරවූ  බැරල් එකක් සහ අනෙකුත් කුඩා කෑන් කිහිපයක් එම ලොරියෙන් රැගෙන ගොස් ඇතැයි තොරතුරු කරු  පොලිසියට ප්‍රකාශ කොට තිබෙනවා.

පසුව පොලිසිය එම ස්ථානයට පැමිණ පරික්ෂා කිරීමේදී ලීටර් 20 බැගින් වූ කෑන් දෙකක් පොලිසිය භාරයට ගෙන තවත්  ලීටර් 210 පිර වූ බැරල් කැලෑව තුළ සඟවා තිබියදී සොයා ගෙන තිබෙනවා.

ඉන්ධන බවුසරයේ රිය සහයකයා එම ඉන්ධන ලීටර් 40ක ප්‍රමාණයක වු කෑන් දෙක සමග සීගිරිය පොලීසියට රැගෙන යෑමට පොලීසිය කටයුතු කර තිබියදී අනෙක් ලීටර් 210ක් පිරවූ වූ ඩීසල් බැරල් එක රැගෙන යෑමට සූදානම් කර තිබියදී එහි ගිය ඒෂියන් මිරර් ජනමාධ්‍යවේදීන් අවට පරීක්ෂා කිරීමේදී කැලෑව තුළ බැරල් එකට මීටර් පනහක් පමණ දුරකින් කැලෑවේ පුද්ගලයෙකු නිදාගෙන සිටින අයුරු රූගත කර ගැනීමට හැකිවී තිබුණා.

පසුව ජනමාධ්‍යවේදීන් පොලිසියට කතා කොට යම් කිසි පුද්ගලයෙකු කැලෑව තුළ සැඟවී නිදාගෙන සිටින බව පෙන්වා දීමෙන් පසු පොලිසිය ඔහු පිළිබඳව පරික්ෂා කිරීමේදී මෙම බවුසර් රථයේ රියැදුරු බව හෙළි වී තිබෙනවා.

රථයේ රියදුරුවරයා ලෙස සැඟ වී සිටි තරුණයා කියා සිටියේ ඉන්ධන පිරහුම්හලකට ඉන්ධන ලබා දී එයින් ඉන්ධන ප්‍රමාණයක් තම ටැංකි රථයේ ඉතිරි කරගෙන පැමිණ ඒවා අලෙවි කිරීම් අතරමගදී සිදු කළ බවයි.

අත්අඩංගුවට ගත් ඉන්න බැරල් එකට අමතරව තවත් බැරල් ලීටර්  210ක් වූ බැරල් එකක් රැගෙන ගියේ කොහේ ද යන්න තමන් නොදන්නා බව රියදුරු ප්‍රශ්න කිරීමේදී පොලිසියට ප්‍රකාශ කළා.

 රථයේ රියදුරු මෙන්ම  සහයකයාද ඉන්ධන බවුසර් රථයද පොලිසිය සැකපිට අත්අඩංගුවට ගත්තා.

 සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස