hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූලි 25, පෙ.ව. 9:26



QR කේත ක්‍රමය යටතේ ඉන්ධන ලබාදීමේ වැඩසටහන අද(25) දිනයේ දිවයින පුරා ක්‍රියාත්මක නොවන බව වාර්තා වනවා.

එම ක්‍රමය අද සිට ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කර තිබුණද එය අද ක්‍රියාත්මක නොවන බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් අදාළ නියමු ව්‍යාපෘතිය පමණක් තවත් ඉන්ධනහල් කිහිපයකදී අද දිනයේ ක්‍රියාත්මක වන බව තොරතුරු සහ සන්නිවේදන නියෝජිතයාතනය පවසනවා.

එය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇතැයි වාර්තා වනවා.

වාහන අංක තහඩුවේ අවසන් අංකයට අනුව පිරවුම්හල් මඟින් ඉන්ධන ලබාදීමේ කටයුතු ඉකුත් සතියේ සිට ආරම්භ කළා.

ඒ අනුව වාහනයේ අවසන් අංකයට අනුව එනම් 0, 1 හෝ 2න් අවසන් වන ඉලක්කම් සඳහා අඟහරුවාදා සහ සෙනසුරාදා දින දෙක, 3 – 4 හෝ 5න් අවසන් ඉලක්කම් සඳහා බ්‍රහස්පතින්දා සහ ඉරිදා දින දෙක, 6 – 7 – 8 හෝ 9න් අවසන් ඉලක්කම් සඳහා සඳුදා, බදාදා සහ සිකුරාදා දවස් තුන අනුව ඉන්ධන ලබා ගැනීමට හැකියාව පවතිනවා.

අද(25) දිනයේ ඉන්ධන ලබා දෙන්නේ වාහනයේ අවසන් අංක 6 – 7 – 8 – 9 සඳහායි.

මෙම ක්‍රමවේදය නිසි පරිදි ඉන්ධන තොග ලැබුණු පිරවුම්හල් ආශ්‍රිතව සාර්ථකව ක්‍රියාත්මක වූ බව වාර්තාවනවා.

විවිධ ප්‍රදේශවලින් තෝරාගත් ඉන්ධනහල් 20ක් ආශ්‍රිතව කළ මෙම ක්‍රමවේදය අත්හදා බැලීම සාර්ථක ලෙස කළ බවත් ඒ සඳහා වාහන 4,708ක් යොදා ගැනුණු බවත් අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළා.