hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 අප්‍රේල් 30, පෙ.ව. 10:42



පසුගිය සති කිහිපයට සමගාමිව මේ වන විට හැටන් ඇතුළු නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම නගර වල පිහිටි සිපෙට්කෝ සහ අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වලට අවශ්‍ය ඩිසල් සහ පෙට්‍රල් ඉන්ධන තොග තිබෙන බව එම ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසනවා.

ඛනිජ තෙල් නිතිගත සංස්ථාව සහ අයි.ඕ.සි සමාගම විසින් තම ඉල්ලුමට සරිලන ඩිසල් සහ පෙට්‍රල් තොග දිනපතා නිකුත් කරන බවයි ඔවුන් කියා සිටියේ.

ඉන්ධන මිල වැඩි විමත් සමග ඉන්ධන අලෙවියේ අඩුවක් පවතින බව එම ඉන්ධන පිරවුම්හල් සේවකයින් පවසනවා.

වාහන රියදුරන් කියා සිටින්නේ පෝලිම් වල රැදී නොසිට තම වාහනවලට ඉන්ධන අවශ්‍යතාවය ඇති වු විට කිසිදු පෝලිමක රැදී නොසිට ඉන්ධන ලබා ගැනිමට හැකි බවයි.

තේ කර්මාන්ත ශාලාවලට සහ ඇගළුම් කර්මාන්ත ශාලාවට අවශ්‍ය ඉන්ධන හිඟයකින් තොරව ලබාදෙන බවයි ඉන්ධන පිරවුමහල් හිමියන් කියා සිටින්නේ.

බවුසර් හිමියන් සේවාවෙන් ඉවතට

මේ අතර ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ධාවන කටයුතුවලින් ඉවත් වීමට ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට එරෙහිව විෂයභාර අමාත්‍යවරයා සමග පෙරේදා (29) පැවැති සාකච්ඡාව ද විසඳුමකින් තොරව අවසන් වීම හේතුවෙන්.

මේ හේතුවෙන් ඉන්ධන බෙදාහැරීම අඩාල වුවහොත් යළි ඉන්ධන හිඟයක් මතුවිය හැකි බවයි ඉන්ධන හල් හිමියන් පවසන්නේ.

දැනට අවශ්‍ය තරම් ඉන්ධන තොග පවතින බවද ඔවුන් කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: