hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 7:36



රටේ හොරු අල්ලන්න හොරුන්ම වගකීම බාරගෙන ඇති බවත්, කිසිදාක එය සිදු නොවන බවත් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කළා.

ඒ ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේ පැවති මාධ්‍ය හමුවකදීයි.

අය වැය විවාදය යන මේ මොහොතේ අයවැය හිගය පියවීම සදහා හොරකම්කල මුදල් නැවත මේ රටට ගෙන්වා ගැනීම මෙම අයවැය හිගය පියවීමට සුදුසුම විදිය බවද උන්වහන්සේ පැවසුවා.

ජනතාව නායකයන් පත් කරන්නේ හොරු ඇල්ලීමට බවත් දැන් කරන්නේ බලය අරගෙන හොරුන් ආරක්ෂා කිරීම බවත් කිසිවෙකුගෙන් ජාතික වගකීම ඉටු නොවන බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා.

මෙරට දේශපාලකයන්ගේ හොරකම් ඇල්ලීමට ජාත්‍යන්තර කොමිෂන් සභාවක් පත් කළ යුතු බව පවසන උන්වහන්සේ මෙම දේශපාලන ප්‍රතිපත්තිය නැවැත්වීමට ජාත්‍යන්තර සහාය ලබාගත යුතු බවද කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්,

“ජනතාව නායකයන් පත් කරන්නේ හොරු ඇල්ලීමට දැන් කරන්නේ බලය අරගෙන සොරුන් ආරක්ෂා කරනවා. කිසිවෙකුගෙන්වත් ජාතික වගකීම ඉටු වෙන්නේ නැහැ. ජාත්‍යන්තර කොමිෂන් සභාවක් වත් පත් කරගත යුතුයි මේ දේශපාලකයන්ගේ හොරකම් ඇල්ලීමට. ජාත්‍යන්තර සහය අපි ලබාගත යුතුයි මේ දේශපාලන ප්‍රතිපත්තිය නවත්තන්නට”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: