hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 පෙබරවාරි 09, ප.ව. 12:11



දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට විරෝධය පා මහා සංඝරත්නය ඊයේ (08) පෙරවරුවේ කෝට්ටේ පැරකුම්බා පිරිවෙන අසලින් විරෝධතා පා ගමනක් ආරම්භ කළා.

ඊට පොලිසිය බාධා එල්ල කළත් එය නොතකමින් භික්ෂූන් වහන්සේ අඛණ්ඩව විරෝධතාවයේ නිරත වුණා.

අනතුරුව උන්වහන්සේලා පා ගමනින් දියත උයන පසු කරමින් පොල්දූව මංසන්ධිය දක්වා පැමිණියා.

භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වීමට උත්සාහ ගැනීමත් සමඟ පොලිසිය ඊට බාධා කිරීම නිසා ඇති වූයේ නොසන්සුන් තත්වයක්.

මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි දහතුන්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පිටපතකට එහිදී ගිනි තැබුවා.

භික්ෂූන් වහන්සේ යළිත් වරක් පාර්ලිමේන්තුව දෙසට වැඩම කරවීමට උත්සාහ ගැනීමත් සමඟ පොලිසිය ඒ අවස්ථාවේදීද බාධා කළා.

ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි මෙසේ අදහස් දක්වා සිටියා,

“මගේ ලඟට ආපු පොලිස් නිලධාරී මහත්තයෙක් කියනවා කණට කොදුරලා අනේ හාමුදුරුවනේ අඩේට පාවිච්චි කරන්නේ අපි. අපි මොකක්ද කරන්නේ කියලා ඇහුවා.පොලීසියෙන් කිව්වේ මේ මොකක්වත් නෙවෙයි. උතුරු පළාතේ ලක්ෂ තුනක් පමණ වන ඡන්ද ලබා ගැනීමට ගන්නා උත්සාහය.”