hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:35



ලබන වසරේ සිට සියලු පළාත් පාලන ආයතනවල ගෙවීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට සැලසුම් කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

මේ වන විටත් බොහෝ පළාත් පාලන ආයතනවල අදාළ වැඩපිළිවෙල ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.

පළාත් පාලන ආයතනවල බදු එකතු කිරීමේ කටයුතු ඇතුළු ගෙවීම් ජනතාවට අපහසුවක් නොවන ආකාරයෙන් සිදුකිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණ වී තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා ක්‍රියාත්මක පළාත් පාලන ආයතන 341 තුළම අදාළ වැඩපිළිවෙල ලබන වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කළා.

මේ අතර පළාත් පාලන ආයතනවලට අයත් සියලු මාර්ග සිතියම් ගතකිරීමේ කටයුතු ද මේ වසර අවසන් වන විට සිදුකිරීමට බලාපොරොත්තු වන බව ජානක වක්කුඹුර පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: