2022 ඔක්‍තෝබර් 13, ප.ව. 4:23
විවිධ හේතූන් මත රේගුව මගින් වසර ගණනක් වරායේ රඳවාගෙන තිබෙන කන්ටේනර්වල ඇති සහල් කිලෝ මිලියනයක් මුදා හැරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ප්‍රමාද ගාස්තු නොගෙවීම හේතුවෙන් රඳවාගෙන තිබූ කන්ටේනර් 79ක මෙම සහල් තොග ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
වරායේ සහ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සමග ඊයේ (12) පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා.
වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාව සඳහා විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද සහභාගී වී තිබූ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පසුගිය දා කොළඹ වරායේ ශ්‍රී ලංකා රේගුවට අයත් පරිශ්‍රවල සිදු කළ සංචාරයේ දී නිරීක්ෂණය කළ කරුණු සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව කැඳවා තිබෙනවා.
කොළඹ වරායේ පවතින අධික තදබදය අවම කිරීමට සඳහා දැනට රේගුව මගින් එහි රඳවාගෙන සිටින කන්ටේනර් 950කට අධික ප්‍රමාණයක් ප්‍රමාද ගාස්තුවලින් තොරව මුදා හැරීමට මෙහි දී තීරණය කෙරුණා.
සියඹලාපිටිය අමාත්‍යවරයා සඳහන් කරන්නේ මෙම කන්ටේනර්වල සහල්වලට අමතරව කරුංකා සහ කහ තොග විශාල වශයෙන් පවතින බවයි.
ඒ අනුව අදාළ කන්ටේනර් ප්‍රමුඛතා ලැයිස්තුවක් යටතේ මුදා හැරීමට කටයුතු කෙරෙනු ඇති.
මෙහි දී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අදාළ කන්ටේනර් අය විය යුතු ප්‍රමාද ගාස්තුවලින් නිදහස් කිරීමට පියවර ගන්නා බව කියා සිටි අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව නුදුරේ දීම අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරන බවයි කියා සිටියේ.
2025 අප්‍රේල් 25, ප.ව. 3:12
2025 අප්‍රේල් 25, ප.ව. 1:03
2025 අප්‍රේල් 25, පෙ.ව. 11:59
2025 අප්‍රේල් 25, පෙ.ව. 10:45
2025 අප්‍රේල් 25, පෙ.ව. 10:20
21-04-25
21-04-25
25-03-25
25-03-25
21-03-25
21-03-25
19-03-25
19-03-25
14-12-24
14-12-24
18-11-24
18-11-24
25-09-24
25-09-24
22-06-24
22-06-24
29-05-24
29-05-24
05-05-24
05-05-24
14-03-24
14-03-24
17-01-24
17-01-24