hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 11:26



ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක තුවා යනු සුඛෝපභෝගී භාණ්ඩයක්.

කාන්තාවන් දෙදෙනකු ජනාධිපති, අගමැති ධුර හෙබවූ රටක, කාන්තා මැති ඇමතිනියන් පාර්ලිමේන්තුව නියෝජනය කළ සහ කරන රටක, සනීපාරක්ෂක තුවායක් මිලදී ගත නොහැකි මේ රටේ බහුතර කාන්තාවන්ට සිදුව ඇත්තේ ඔසප් දිනවල සිය අවශ්‍යතාව රෙදි කෑලි ඇඳ පිරිමසා ගන්නටයි.

ඛේදවාචකය එයම නොවේ ඒ හා බැඳී මේ වන විට උද්ගතව ඇති, බරපතළ සමාජ සහ මානුෂීය ගැටලුවයි.

අධ්‍යාපන, සෞඛ්‍ය සහ ආර්ථිකය ගොඩ නඟන ශ්‍රම බලකායට කාන්තාවන් දක්වන දායකත්වය යන තුන් ආකාරයෙන්ම එකී ඛේදවාචකය පැතිර යමින් තිබෙනවා.

සනීපාරක්ෂක තුවාවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් වැඩිවිය පැමිණි දැරියන් ඔසප් කාලසීමාවේ දී පාසලට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය පැවසුවා.

එහි සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා මේ බව කියා සිටියේ, ගුරු වෘත්තිය සමිති සමඟ ඒකාබද්ධව කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“මේ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට කාන්තා සනීපාරක්ෂක තුවා වල මිල ඉහළ යෑම විශේෂයෙන්ම දකින්න පුළුවන් වෙනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල දැරියන් පාසල් පැමිණීමේ අඩුවක් වාර්තා වෙනවා. ඒක ඉතාමත්ම කණගාටුදායක තත්වයක්. විශේෂයෙන්ම අපේ රටේ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරියක් ඉන්නවා, රාජ්‍ය අමාත්‍යවරියන් කිහිප දෙනෙක් ඉන්නවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සිටිනවා. හැබැයි ඔවුන්ගේ හඬ අපිට අහන්න වෙන්නේ නැහැ. සනීපාරක්ෂක තුවා ඇතුළු අනෙකුත් සනීපාරක්ෂක ද්‍රව්‍යවල මිල පහත දැමීමේ වගකීමක් රජය සතු වෙනවා.”