hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 28, පෙ.ව. 4:59



වි අලෙවි මණ්ඩලයේ  නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු ඇතුළු  විවිධ තනතුරු දරණ නිලධාරින් 19 දෙනෙකු ඉකුත් වසර 07ක කාලය තුල දි  විනය විරෝධි කරුණු මත අනිවාර්ය නිවාඩු යැවිම් සහ වැඩ තහනමකට ලක්කොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසනවා.

 ඒ සම්බන්ධයෙන් විනය පරික්ෂණ ආරම්භකර වසර 01 සිට වසර 07 දක්වා කාලයක් ගතවි තිබුනද එම පරීක්ෂණ නිම වි නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකුගේ අක්‍රමිකතා නිසා වී අලෙවි මණ්ඩලයට සිදුවු තිස්එක් කෝටි විසිහයලක්ෂ හැටදෙදහස් නමසිය විසිපහක පාඩුව (312,662,925) සම්බන්දයෙන් මොහු 2015 වර්ෂයේ  මාර්තු මස 20 වැනි දින වැඩ තහනමකට ලක්කොට තිබුණා.

ඔහුට විරුද්ධව ඇති චෝදනා 77ක්.

මොහු වැඩ තහනමකට ලක්කොට  2015 වර්ෂයේ සිට 2022 අගෝස්තු මාසය වනවිට  වසර 07කට අධික කාලයක් ගතවි තිබුණද පරීක්ෂණ අවසන් කර මණ්ඩලයට  සිදුවු අලාභය අයකර ගැනිමට කටයුතු කර නොතිබූ බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

මේ අතර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ( මෙහෙයුම්) විසින් වී අලෙවි මණ්ඩලයට රුපියල් එකොළොස් කෝටි  විසිපන්ලක්ෂයක (112,500,000) පාඩුවක් සිදුකිරිම සම්බන්දයෙන් 2019 වර්ෂයේ මැයි 08 වැනි දින අනිවාර්ය නිවාඩු යවා තිබුණා. 

ඔහුට විරුද්ධව ඇති චෝදනා සංඛ්‍යාව 14ක්.

මොහු 2020 ජනවාරි මස  නැවත සේවයේ පිහිටුවා තිබුනද 2021 වර්ෂයේ ජනවාරි 25 වැනි දින නැවත වරක් අනිවාර්ය නිවාඩු යවා තිබුණා.

මේ සම්බන්දයෙන් විමර්ශන කටයුතු සිදුකිරිමට කටයුතු කර නොතිබුණි.

එමෙන්ම විධිමත් විනය පරික්ෂණ පවත්වා විනය ක්‍රියාමාර්ග අවසන් කර ඇති නිලධාරින් 05 දෙනෙකුගෙන් වි අලෙවි මණ්ඩලයට  රුපියල් හාරකෝටි දාහත් ලක්ෂ හතලිස්නම දහස් පන්සිය විසිහතරක (41,749,524) මුදලක් අයකරගත යුතු ලෙස දන්වා තිබුනද ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග විගණනය වෙත ඉදිරිපත් කොට නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.

මේ අතර නිලධාරින් තිදෙනෙකු අනිවාර්ය නිවාඩු යවා වැටුප් ගෙවිම සිදුකරනු ලබන අතර මේ පිළිබද විමර්ශන කටයුතු සදහා වසර 02 ක කාලයක් ගතවි තිබෙනවා.

එහෙත් විමර්ශන කටයුතු අවසන් නොකිරීම නිසා එම නිලධාරින්ට වැටුප් ලෙස 7,306,327ක  මුදලක් ගෙවා තිබුණා.

මේ අතර වි අලෙවි මණ්ඩලය විසින් 2019/2020 මහ කන්නයේ වී මිලදී ගැනිමේ වැඩසටහන යටතේ රුපියල් මිලියන 4780ක මුදලක් රාජ්‍ය බැංකු දෙකකින් සහ ප්‍රාදේශිය සංවර්ධන බැංකුවකින් ලබාගෙන තිබුණා.

මෙම ණය මුදලින් රුපියල් මිලියන 1,897ක් වී මිලදි ගැනිම සදහා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දි තිබුණා.

මෙහෙයුම් වියදම් සදහා ලබාදී ඇති මුදල රුපියල් 3,462,525ක්.

දිස්ත්‍රික් ලේකම්වරු 16 දෙනෙකු සදහා වී මිලදී ගැනිම සදහා ලබාදුන් මුදලින් සියයට 69ක් පමණ මුදලක් යොදවා වී මිලදි ගෙන තිබුණා.

ඉතිරි සියයට 31ක් වු රුපියල් 592,170,678ක මුදල ආපසු වී අලෙවි මණ්ඩලය වෙත එවා තිබුණා.

මෙම මුදල් නැවත එවිම සදහා මාස දෙක හමාරේ සිට මාස 08ක කාලයක් ප්‍රමාදවි තිබුණා.

මේ නිසා වී අලෙවි මණ්ඩලය විසින් ලබාගත් ණය මුදල් සදහා බැංකුවට ගෙවිමට සිදුවී ඇති පොලිය රුපියල් 10,695,492ක් බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.

පොලිමත ලබාගත් ණය මුදල් නිසි පරිදි උපයෝජනයට නොගැනිමෙන් ගෙවීමට සිදු වූ පොලී මුදල නිශ්කාර්ය වියදමක් බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

වි අලෙවි මණ්ඩල  විසින්  (2019/2020) මහ කන්නයේ දි වී මිලදී ගැනිමට මණ්ඩලය විසින් ලබා ගත් ණය මුදලින්  රුපියල් 759,084,455ක මුදලක් රාජ්‍ය බැංකු දෙකට සහ ප්‍රාදේශිය සංවර්ධන බැංකුව වෙත 2022 වර්ෂයේ  සැප්තැම්බර් මස 10 දින වනවිට ගෙවිමට තිබුණා.

මේ සදහා ගෙවිය යුතු පොළිය රුපියල් 31,112,064ක්.

පොලී ගෙවිම ප්‍රමාදවිම නිසා 2022 වර්ෂයේ සැප්තැම්බර් මස 14 දිනට  බැංකුව සදහා ගෙවිමට ඇති දඩ මුදල රුපියල් 923,076ක්.

එමෙන්ම 2021 වර්ෂයේ දි  රුපියල් මිලියන 35.5ක මුදලක් වැයකර වී ගබඩා 35ක් නවීකරණය කොට තිබු එහෙත් මින් ප්‍රයෝජනයට ගෙන තිබුණේ ගබඩා 07ක් පමණයි.

එකි ගබඩාවල ධාරිතාවය මෙට්‍රික් ටොන් 7100ක් වුවද ගබඩාකර තිබුණේ වි මෙට්‍රික් ටොන් 561ක්.

මේ නිසා ගබඩා ධාරිතාවයෙන් සියයට 92ක් ඌන උපයෝජිතව පැවතුණා.

එමෙන්ම 2020/2021 මහ කන්නයේ දි වී මෙට්‍රික්ටොන් 300,000ක් මිලදී ගැනිමට සැලසුම්කොට තිබුණද මිලදී ගෙන තිබුණේ වී මොට්‍රික්ටොන් 45124ක්.

වී අලෙවි මණ්ඩලය සතු මුළු ගබඩා ධාරිතාවය මෙට්‍රික් ටොන් 317,530ක් වු අතර මෙම කන්නයේ දී ඉන් ප්‍රයෝජනයට ගෙන තිබුණේ සියයට 14ක් පමණයි.

එමෙන්ම 2021 වර්ෂයේ යල කන්නයේදී වී මෙට්‍රික්ටොන් 50,000ක් මිලදි ගැනිමට සැලසුම් කොට තිබුනද මිලදි ගෙන තිබුණේ වි මොට්‍රික්ටොන් 7728ක්.