hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 19, ප.ව. 3:15



අපවත් වී වදාළ අනුරාධපුර අටමස්ථානාධිපති, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන සෙනසුරාදා පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී ඇති අතර අදාහන කමිටුව හා දායක සභාව අද (19) පස්වරුවේ රැස්වීමෙන් අනතුරුව ආදාහන පූජෝත්සවය පැවැත්වෙන ස්ථානය තීරණය කරන බවයි උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා සඳහන් කළේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ ඊයේ අපවත්වන විට 69 වන වියේ පසුවුණා.

අටමස්ථානාධිපති හිමියන්ගේ දේහය අද(19) දහවල් 12.30 ට පමණ බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවේ සිට අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධි විහාරස්ථානය වෙත රිය පෙරහරකින් රැගෙන ගියා.

අනතුරුව රාත්‍රී 07.00 සිට එම හිමියන්ගේ ශ්‍රී දේහය මහජන ගෞරවය සඳහා විවෘත වන බවයි රජරට විශ්වවිද්‍යාලයේ කුලපති මිරිසවැටිය චෛත්‍යාරාමාධිපති ආචාර්ය පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක නාහිමියන් සඳහන් කළේ.