hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 06, පෙ.ව. 7:50



ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත කර්මාන්තායතනය 2022 වර්ෂය තුළදී සිය නිෂ්පාදන ඉලක්කයන් සපුරා ඇතැයි පාලනාධිකාරිය පවසනවා.

එම වර්ෂය තුළදී වූ උක්ගස් මෙට්‍රික්ටොන් හාරලක්ෂ හැත්තෑහතර දහසක් අඹරා ඇති අතර සීනි මෙට්‍රික්ටොන් විසිහතරදහස් එකසියදහයක් සහ එතනෝල් ලීටර් හැත්තෑඅටලක්ෂ අසූහයදහස් දෙසියය හතලිස්හතක් නිෂ්පාදනයකර තිබෙනවා.

සීනි කිලෝවක මිල රුපියල් අසූහයේ සිට තුන්සියය දක්වා ඉහළ යාමත් එතනෝල් ලීටරයක් රුපියල් තුන්සියපනහේ සිට එක්දහස්විසිපහ දක්වා වැඩිවීම නිසාත් පැල්වත්ත සීනිකර්මාන්තායතනය 2022 වර්ෂයේ විශාල ලාභයක් ලබා තිබෙනවා.

ආයතනයේ ස්ථිර අනියම් සහ කොන්ත්‍රාත් පදනම මත සේවක සේවිකාවන් 4,500 පමණ සේවයකරන අතර ගොවීන්  5,500 පමණ (කේන්ද්‍රීයජනාවාස සහ පිටස්තර) උක්ගස් සපයනු ලබයි.

ලාභාංශ වැඩිවීමත් සමඟ 2022 දෙසැම්බර් මාසයේදී එක සේවකයෙකුට රුපියල් 27,000 සහ ගොවියෙකුට රුපියල් 22,000 බැගින් වැටුපට අමතරව දිරිදීමනා ලබා දී තිබෙනවා.