hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 23, ප.ව. 8:55



එළඹෙන 26 වනදා විදෙස් ගමන් බලපත් සඳහා අයැදුම් කළ අයැදුම්කරුවන් වෙනුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් වෙනත් දිනයක් හා වේලාවක් වෙන්කර ඇති බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා පවසනවා.

එදින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් අදාළ අයැදුම්කරුවන් වෙනුවෙන් වෙනත් දියක් හා වේලාවක් ලබා දීමට සැලසුම් කළ බව නිවේදනයක් නිකුත් කරමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

එම නිසා 26 දිනයේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාලවලට පැමිණීමෙන් වළකින ලෙස ආගමන හා විගමන පාලක ජනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.