hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 20, ප.ව. 1:48



ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා අවි ජාවාරම සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 09දෙනෙකු ඉන්දියාවේ තමිල්නාඩුවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිරිස අතර සී.ගුණසේකරන් හෙවත් ගුණා, පුෂ්පරාජා හෙවත් පූකුඩුකන්නා, මොහොමඩ් අස්මින්, අලහප්පෙරුමගේ සුනිල් ගාමිණී ෆොන්සේකා, ස්ටැන්ලි කෙනඩ් ප්‍රනාන්දු, ලඩියා, ධනුක රොෂාන්, වැල්ලේ සුරංග හෙවත් ගමගේ සුරංග ප්‍රදීප්, තිලීපන් යන අය සිටින බවයි අයි ඒ එන් එස් ඉන්දීය පුවත් සේවය සඳහන් කළේ.

මොවුන්ට එරෙහිව එල්ටීටීඊය පුනර්ජීවනය කිරීම සඳහා මත්ද්‍රව්‍ය හා ආයුධ ජාවාරමට සම්බන්ධ බවට චෝදනා ඉදිරිපත්ව තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකු ඩුබායි, පකිස්ථානය සහ ඉරානය අතර නිතර ගමන් කළ පාකිස්තානය පදනම් කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හාජි සලීම් සමඟ නිරන්තර සම්බන්ධතා පැවැත්වූ බව ඒජන්සිය පවසනවා.