hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 21, ප.ව. 12:08



ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤාණිස්සර හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක ඉදිරිපත් කර තිබෙනවා.

ඒ චරිත ඝාතන, මඩ ප්‍රචාර සඳහා සමාජ මාධ්‍ය භාවිතය නවතන ලෙස ඉල්ලමින්.

උන්වහන්සේ ඇතුළු තවත් පිරිසක් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

සමාජ මාධ්‍ය ඔස්සේ බෞද්ධ ආගමට විරුද්ධවත්, අන්තර්ජාලය ඔස්සේත් තමන් වහන්සේ ඇතුළු යම් පුද්ගලයන් ඉලක්ක කරගෙන කරන මඩ ප්‍රචාර සිදුකිරීම සහ එම ක්‍රියා නවත්වන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බව උන්වහන්සේ සඳහන් කළා.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මහාචාර්ය පාතේගම හිමියන් කියා සිටියේ අධර්මවාදී මතු වීමක් පෙන්නුම් කරන බවත් බෞද්ධ හා ශ්‍රමණ චණ්ඩාලයන් පිරිසක් බිහි වී ඇති බවත්ය.

සියලු පාර්ශවවල මහා නායක ස්වාමීන් වහන්සේලා මේ පිළිබඳව ක්‍රියාකාරීව කටයුතු කළ යුතු බවද උන්වහන්සේ පෙන්වා දෙනවා.

සමාජ ජාල ඔස්සේ බෞද්ධාගමට සහ චරිත ඝාතනයට මඩ ප්‍රචාර යොදා ගන්නා බවත් කට්ටඩියන්, දියසෙන් කුමාරවරුන්, ත්‍රිපිටක ආචාර්යවරුන් යැයි කියාගන්නා පිරිස් සමාජයට විශාල හානියක් සිදුකරන කරන බවයි පාතේගම ඤාණිස්සර හිමියන් කියා සිටියේ.

සියලු ආගමික නායකයින් නිකායවල් වල මහා සංඝරත්නයේ මේ පිළිබඳ විශේෂ අවධානය යොමුකර ක්‍රියාශීලීව මෙම තත්ත්වය පිළිබඳ කටයුතු කළ යුතු බව පාතේගම ඤාණිස්සර හිමියන් වැඩිදුරටත් පැවසුවා.