hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 17, පෙ.ව. 12:08



මෙම වර්ෂයට (2024) අදාළ වලංගු ජීවිත සහතික ලබානොදීම හේතුවෙන් විදේශගත විශ්‍රාමිකයන් හාරසිය අසුපස්දෙනකුගේ (485) විශ්‍රාම වැටුප තාවකාලිකව අත්හිටුවා ඇත.

විදේශයන්හි ජීවත්වන විශ්‍රාමිකයන් සිය විශ්‍රාම වැටුප අඛණ්ඩව ලබා ගැනීම සඳහා වර්ෂයකට වරක් ජීවත්වීමේ සහතිකයක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ලබා දීම අනිවාර්ය වන අතර එසේ නොවන විට විශ්‍රාම වැටුප් ගෙවීම නවතා දැමීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පියවර ගනු ලබයි.

මේ අතර 2023 වසරේදී වලංගු ජීවිත සහතික ලබා නොදීම හේතුවෙන් 1061කුගේ විශ්‍රාම වැටුප තාවකාලිකව අත්හිටුවා තිබු අතර ඉන් 576 දෙනකු සිය ජීවිත සහතිකය අලුත් කරගෙන තිබෙනවා.

එමෙන්ම 2022 වසරේදී වලංගු ජීවිත සහතික ලබා නොදීම හේතුවෙන් 2833 කුගේ විශ්‍රාම වැටුප තාවකාලිකව අත්හිටුවා තිබු අතර ඉන් මෙතෙක් සිය ජීවිත සහතිකය අලුත් කරගෙන ඇත්තේ 1250කු පමණයි.

කෙසේ වෙතත් එම වලංගු ජීවිත සහතික ලබා නොදීම මත මෙලෙස ඔවුන්ගේ විශ්‍රාම වැටුප තාවකාලිකව අත්හිටුවා ඇති බවත් එය නැවත සක්‍රිය කර ගැනීම සදහා අදාළ සහතික විශ්‍රාමිකයා පෞද්ගලිකවම තානාපති කාර්යාලය වෙත ලබා දිය යුතු බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජීවත්වීමේ සහතිකය තානාපති කාර්යාලය මගින් නොමිලේ සහතික කර ගත හැකි වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: