2023 දෙසැම්‍බර් 05, ප.ව. 1:37
යශෝධා හෝල්ඩින්ග්ස් (ප්‍රයිවේට්) ලිමිටඩ් විසින් මහජන බැංකුවෙන් ලබාගෙන තිබූ රුපියල් මිලියන 120ක කෙටි කාලින ණය පහසුකමට අයවිය යුතු මුදල අයකරගැනිම වෙනුවෙන්, බැංකුව බස්නාහිර පළාතේ පළාත්බද වාණිජ මහාධිකරණයේ HC (Civil) 90/99(1) දරණ නඩුව පවරණ ලද අතර, එම නඩුව එකී වාණිජ මහාධිකරණය විසින් මෑතකදි මහජන බැංකුවේ වාසියට තින්දු කරන ලදි.
එම තින්දුවට එරෙහිව යශෝධා හෝල්ඩින්ග්ස් (ප්‍රයිවේට්) ලිමිටඩ් විසින් යොමු කළ ඇපෑල පසුගියදා (04) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභා කරන ලදි.
ඒ අනුව එකි ණය පහසුකමට අදාළව අයවිය යුතු මුදල අයකර ගැනිමට මහජන බැංකුවට අවස්ථාව සැලසී ඇත.
මේ සඳහා මහජන බැංකුව වෙනුවෙන් ජනාධිපති නිතිඥ එස්.ඒ. පර්තලිංගම් මහතා සමඟ ජනාධිපති නිතිඥ කුෂාන් ද අල්විස් සහ නිතිඥ හිරාන් ජයසුරිය යන මහත්වරුන් පෙනී සිටින ලදි.
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:00
2026 අප්‍රේල් 27, ප.ව. 5:14
2026 අප්‍රේල් 27, ප.ව. 5:10
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:49
2026 අප්‍රේල් 27, පෙ.ව. 9:50