2023 නොවැම්‍බර් 12, පෙ.ව. 12:03
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජංගම දුරකථන සිම්පත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත නැවත ලියාපදිංචි කිරීමේ ජංගම සේවාවක් දීප ව්‍යාප්ත ව සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගිකයන් තමන් භාවිත කරන සිම්පත තමන් ගේ නමින් ලියාපදිංචි වී තිබීම අනිවාර්ය බව එම කොමිෂන් සභාව පවසනවා.
එසේම තමන් ගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ නිකුත් වි ඇති සිම්පත් පිළිබඳ තමන් දැනුවත් ව සිටිය යුතු බව ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.
කොමිෂන් සභාව දැනුම් දෙන්නේ තම දුරකථනයෙන් #132# අංකය ඇමතීමෙන් තමන්ගේ හැඳුනුම්පත් අංකය යටතේ ඇති දුරකථන අංකයන් දැනගැනීමේ හැකියාව පවතින බවයි.
එමෙන්ම තමන් ගේ හැඳුනුම්පත් යටතේ තමන් නොදන්නා වෙනත් සිම්පත් ලියාපදිංචි වි ඇත්නම් එම සිම්පත් වහා අවලංගු කිරීමට කටයුතු කරන ලෙසද දැනුම් දෙනවා.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරන්නේ තමන් එසේ සිදු නොකර එම සිම්පත හරහා යම් අවභාවිතාවක් සිදු කළහොත් එහි වගකිම තමන්ට දැරීමට සිදුව වන බවයි.
2025 පෙබරවාරි 19, පෙ.ව. 11:58
2025 පෙබරවාරි 19, පෙ.ව. 11:45
2025 පෙබරවාරි 19, පෙ.ව. 11:37
2025 පෙබරවාරි 19, පෙ.ව. 11:08
2025 පෙබරවාරි 19, පෙ.ව. 11:01
29-01-25
29-01-25
08-10-24
08-10-24
24-02-24
24-02-24
18-11-23
18-11-23
31-08-22
31-08-22