hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 පෙබරවාරි 24, පෙ.ව. 12:13



ඇපල් සමාගම විසින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

ඒ දුරකථන ජලයෙන් තෙත් වූ විට එය වියලිම සඳහා සහල් බඳුනවල තැබීම සම්බන්ධයෙන් ය.

ඒ සඳහා Apple සමාගම පිළියමක් ලෙස සඳහන් කර සිටින්නේ, හොඳින් වියළීම සඳහා මෘදු පිරිසිදු රෙදි කඩකින් පිස දමන ලෙසත් නිෂ්පාදිතය සම්පූර්ණයෙන්ම වියළී යන තෙක් චාජර් හෝ උපාංග සම්බන්ධ නොකරන ලෙසත් ය.

එමෙන්ම, බාහිර සම්බන්ධතා ජැක් සම්පූර්ණයෙන්ම වියළී නොමැති අතරතුර චාජරය හෝ උපාංග සම්බන්ධ නොකරන ලෙසත් එම සමාගම සඳහන් කළා.

තව ද,  සහල්වල දුරකථන දැමීමෙන් කුඩා අංශූ උපාංගයේ කොටස්වලට හානිකරන බව එම සමාගම පැවසුවා.

මේ අතර, සමහර Samsung දුරකථන ජලයට ඔරෝත්තු දෙන ලෙස සකසා ඇති බව Samsung සමාගම සඳහන් කළා.

කෙසේ වෙතත්, ජලයෙන් තෙත් වූ විට හොඳින් වාතාශ්‍රය ඇති, අඩු ආලෝකය සහිත ස්ථානයක සිසිල් සුළඟක් සමඟ Samsung දුරකථන වියළා ගන්නා ලෙස එම සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: