hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12



කැනඩාවෙන් ආනයනය කරනු ලබන සියලුම මෝටර් රථ, ලොරි රථ, රථවාහන අමතර කොටස් සහ වානේ සඳහා සියයට 50 ක අධික තීරුබද්දක් පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

අමෙරිකාව සහ කැනඩාව අතර පැවැති ද්විපාර්ශ්වික වෙළෙඳ සාකච්ඡා බිඳවැටීමත් සමඟ ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති අතර, අදාළ බදු පැනවීම 2027 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

කෙසේ වෙතත්, අදාළ භාණ්ඩ අමෙරිකාව තුළම නිෂ්පාදනය කරන්නේ නම් කිසිදු තීරුබද්දක් අය නොකරන බවට ද හෙතෙම අවධාරණය කළේය.

වෙළෙඳ කටයුතුවලදී කැනඩාව අතිශයින්ම අසාධාරණ ලෙස කටයුතු කරන බවට චෝදනා කළ ට්‍රම්ප්, අමෙරිකාවට කැනඩාවේ අවශ්‍යතාවක් නොමැති වුවද කැනඩාවේ පැවැත්මට අමෙරිකාව අත්‍යවශ්‍ය වන බව වැඩිදුරටත් සඳහන් කර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: