hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 6:50



ස්මාර්ට් ජංගම දුරකථන භාවිතයට ඇබ්බැහි වු දරුවන් අතර දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝග ද කථන වර්ධනය අඩුවීම, තරබාරුව සමාජශීලීත්වය නැතිවීම යන ලක්‍ෂණ ද ඇතිවීමේ ප්‍රවණතාවක් මතුව ඇතැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවා.

මෙම තත්ත්වය මත අත්‍යවශ්‍ය කරුණකට හැර දරුවන්ට ස්මාර්ට් දුරකථන ලබා නොදෙන ලෙස ඒ මහතා වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මෙසේ ද සඳහන් කළා,

“ස්මාර්ට් ජංගම දුරකථනය යහපත් පැත්තට පමණක් භාවිත නොකර දරුවන් විඩීයෝ ක්‍රීඩා සහ වෙනත් සමාජ විරෝධී ක්‍රියාවන්ට ඇබ්බැහිවීම සැලකිල්ලට ගත යුතුයි. දරුවන්ගේ කථන වර්ධනය අඩුවීම, සමාජශීලීත්වය නැතිවීම ඇස් වියළීම, පෙනීම අඩුවීම, දුර නොපෙනී යෑම වගේම දියවැඩියාව, අධි රුධිර පීඩනය තරබාරුව හිසරදය වැනි රෝග ද යම් වර්ධනයක් පෙන්නුම් කරන බව රෝහල්වලට පැමිණෙන දරුවන් පිළිබඳ කරන අධ්‍යයනයෙන් පෙනී යනවා.”