hit counter

2024 මැයි මස 08 වන බදාදා

2022 ජූලි 29, ප.ව. 3:01



ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක සහ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න අද(29) ගාලුමුවදොර උද්ඝෝෂණ කලාපයේ පිහිටි අරගල භූමියට පැමිණ තිබෙනවා.

ඒ අරගල භූමියේ පැවැති විරෝධතාවයක් දැක ඔවුන් සමඟ කතාබහ කිරීමටයි.

අරගලයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීම වහා නවත්වන ලෙස හා අත්අඩංගුවට ගත් පිරිස් නිදහස් කරන ලෙස ඉල්ලා කිතුණු ආගමික පූජකවරුන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් අරගල භූමියේ විරෝධතාවක නිරත වී තිබෙනවා.

‘සිවිල් සමාජයේ අප සාධාරණ අරගලය සමඟයි’, අනීතික අත්අඩංගුවට ගත් පුද්ගලයන් වහා නිදහස් කරනු’ ආදී පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස විරෝධතාවයේ නිරත වුණා.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂවරයා මේ අවස්ථාවේ ගාලුමුවදොර අරගල භූමියට පැමිණ විරෝධතාවයේ නිරත වූ කිතුණු ආගමික පූජකවරුන් ඇතුළු පිරිස සමඟ සාකච්ඡාවක නිරත වී තිබුණා.

ජනාධිපති ලේකම් කාර්යාලයට යන අතරතුරදී ගාලු මුවදොර අරගල බිමේ පැවැත්වෙන විරෝධතාවය දැක ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඔවුන් එම ස්ථානයට ගොස් තිබෙනවා.

විරෝධතාකරුවන් සමඟ සාකච්ඡාවක නිරත වූ ඔවුන් පසුව එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණා.