hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 12, පෙ.ව. 11:25



චීනයේ නිෂ්පාදිත පාකිස්ථානු යුද නැව, PNS Taimur කොළඹ වරායට පැමිණ ඇති බව වාර්තා වනවා.

මෙම යුද නැවේ වේග ප්‍රහාරක අවි ස්ථාපිත කර ඇති අතර මිසයිල එල්ල කිරීමේ හැකියාව ද පවතිනවා.

මෙම නෞකාව ලබන සඳුදා දක්වා කොළඔ වරායේ නැංගුරම් ලා තැබීමට නියමිත බවයි නාවික හමුදාව සඳහන් කළේ.

චීන නෞකාවේ පැමිණීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමකදියි මෙම පාකිස්ථාන නෞකාව මෙරටට ළඟා වූයේ.