2022 මැයි 27, පෙ.ව. 11:31
අත්තනගල්ල ප්‍රදේශයේ නිවසකට බීමතින් පැමිණ එහි සිටි කාන්තාවක් ඇතුළු නිවැසියන්ට පහර දීමට තැත් කිරීම හා අත්තනගල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැන වැදීම යන චෝදනා සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත් එම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රී චාමින්ද හෙට්ටිආරච්චි නැමැත්තා අත්තනගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ජූනි මස 7 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
සැකකාර මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සදහා අදාල අදාළ කාන්තාව අත්තනගල්ල පොලිසිය වෙත ගොස් ඇති බවත් ඒ අවස්ථාවේදී බීමතින් මෝටර් රථය පදවාගෙන පොලිසිය වෙත පැමිණ ඇති සැකකාර මන්ත්‍රීවරයා පොලිස් ස්ථානාධිපතිවරයාට ද පරුෂ වචනයෙන් බැණ වැදී ඇති බවත් පොලිසිය සඳහන් කළා.
පසුව පොලිසිය විසින් සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූනි මස 7 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
2026 ජනවාරි 17, ප.ව. 1:05
2026 ජනවාරි 17, පෙ.ව. 9:27
2026 ජනවාරි 17, පෙ.ව. 12:37
2026 ජනවාරි 17, පෙ.ව. 12:31
2026 ජනවාරි 17, පෙ.ව. 12:18