2025 පෙබරවාරි 24, පෙ.ව. 12:23
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් ලබාදීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත්ව තිබූ අතර ඒ සම්බන්ධයෙන් සොයාබලා සුදුසු පියවර ගන්නා ලෙස කථානායකවරයා විසින් ද වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණා.
ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට පොලිස් ආරක්ෂාව ලබාදීමට රජය තීරණය කර ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වුණා.
ඒ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කියා සිටියේ, විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ඒ සම්බන්ධයෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබුණ ද ඒ පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවය.
2026 ජනවාරි 25, පෙ.ව. 12:36
2026 ජනවාරි 25, පෙ.ව. 12:36
2026 ජනවාරි 25, පෙ.ව. 12:25
2026 ජනවාරි 25, පෙ.ව. 12:17
2026 ජනවාරි 25, පෙ.ව. 12:14
24-01-26
24-01-26
24-01-26
24-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26
18-01-26
18-01-26
17-01-26
17-01-26