hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 21, පෙ.ව. 8:04



තානාපතිවරයන් සිව්දෙනෙක් සහ නිත්‍ය නියෝජන දෙකක් පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසනවා.

ඒ අනුව, ප්‍රංශ ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සහ එක්සත් ජාතින්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයේ (UNESCO) මෙරට නිත්‍ය නියෝජිතවරිය ලෙස නිරෝෂණී මනීෂා ඩයස් අබේවික්‍රම ගුණසේකර මෙනවිය පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබාදී තිබෙනවා.

එමෙන්ම, ස්විට්සර්ලන්තයේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලාංකා නිත්‍ය නියෝජිතවරිය ලෙස හිමාලී සුභාෂිණී ද සිල්වා අරුණතිලක මහත්මිය පත් කිරීමට ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබාදුන් බව මහ ලේකම්වරයා සඳහන් කළා.

ඊට අමතරව, ජර්මන් ෆෙඩරල් සමුහාණ්ඩුවේ නව ශ්‍රි ලංකා තානාපතිවරිය ලෙස ලංකා වරුණි මුතුකුමාරණ මෙනවිය පත් කිරීමටත්, ජෝර්දාන් හැෂ්මයිට් රාජධානියේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස ජේ.ඒ.ඩී.එස්. ප්‍රියංගිකා විජේගුණසේකර මහත්මිය පත් කිරීමටත්, වියට්නාම් සමාජවාදී සමූහාණ්ඩුවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සජීව උමංග මෙන්ඩිස් මහතා පත්කිරීමටත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබා දී තිබෙනවා.