hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 31, පෙ.ව. 4:54



ජාතික නිදහස් දිනය වර්ජනය කරන ලෙස ඉල්ලා යාපනය නගරය පුරා පෝස්ටර් අලවා තිබෙනවා.

එම පෝස්ටර්වල සඳහන් වන්නේ දූෂණය නැතිවන තුරු රට තුළ කිසිදු ජාතියකට නිදහසක් නොමැති බවත්, නිදහස් දිනය වර්ජනය කොට එදිනට කළු කොඩි ඔසවා තබන ලෙසයි.

නිදහස් දිනයේදී උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වෙන විරෝධතා සඳහා ජනතාව සහභාගී විය යුතු බවත්, මෙම විරෝධතා යාපනය හා නැගෙනහිර විශ්වවිද්‍යාල ඒකාබද්ධව පවත්වන බවත් පෝස්ටර්වල සඳහන් වනවා.