2025 පෙබරවාරි 09, ප.ව. 4:54
තවත් පැයක පමණ කාලයක් තුළ දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි.
මේ වන විටත් 50% කින් පමණ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බව එම අමාත්‍යාශය සඳහන් කළේය.
අද (09) පෙරවරු 11.15ට පමණ දිවයින පුරා මෙම විදුලි බිඳ වැටීම සිදුව තිබුණි.
වඳුරෙකු පැනීම හේතුවෙන් පානදුර විදුලි උපපොලේ ඇතිවූ තත්ත්වයක් ඊට හේතුවී ඇති බව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක වන බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය.
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:03
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:00
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13