hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 15, පෙ.ව. 4:59



ඉදිරි දින කිහිපය තුල සිදුවන විදුලි කප්පාදුව මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව අද (15) සහ හෙට (16) දිනවල පැයයි විනාඩි 20ක කාලයක් සහ අනිද්දා (17) වනදා පැය දෙකයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

අද (15) සහ හෙට (16) A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාපවලට රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති.

අනිද්දා (17) A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාපවලට දිවා කාලයේ පැයක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවන බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කියාසිටියේ.

කෙසේවෙතත් සති අන්තයේ විදුලි කප්පාදුව අඩු කිරීමට තීරණය කර ඇති බවයි විදුලි බල මණ්ඩලය කියාසිටියේ. 

ඒ, ජල උත්පාදනය වැඩි වීම සහ අඩු බලශක්ති ඉල්ලුම හේතුවෙන්.

ජල පෝෂක ප්‍රදේශවලට වර්ෂාව දිගට ම පැවතුන හොත් විදුලිබල මණ්ඩලය විදුලි කප්පාදුව අවම මට්ටමක තබා ගනු ඇති බව යි වාර්තා වන්නේ.

ඉදිරි විදුලි උත්පාදනය සඳහා පවතින ජල සම්පත් ලංකා විදුලි බල මන්ඩලය කළමනාකරණය කරනු ඇති බව ද සඳහන්.