hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 20, ප.ව. 3:43



රට සතු ගල්අඟුරු තොගය මේ මස 31 වැනිදා අවසන් වීමෙන් පසුව නොරොච්චෝලේ ‘ලක්විජය’ විදුලි බලගාරයේ විදුලි ජනන යන්ත‍්‍ර තුනක ක‍්‍රියාවිරත වන බවත් ඉන් පසුව පැය 10 කට අදික විදුලි කප්පාදුවක යෑමට සිදුවන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා අද (20) පැවසුවා.

නොරොච්චෝලේ බලාගාරයෙන් රටේ විදුලි සැපයුමෙන් සියයට 45 ක පමණ ප‍්‍රමාණයක් සපයන බැවින් එම යන්ත‍්‍ර තුනම අක‍්‍රිය වුවහොත් පැය 10 කට අධික විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බව කී නිහාල් වීරරත්න මහතා එසේ වුවහොත් එය බරපතල තත්වයක් බවයි සඳහන් කළේ.

ජල විදුලි බලාගාරවල ජල මට්ටම සියයට 75 ක් දක්වා අඩුවී ඇති බැවින් ඉදිරි මාස කීපයේදී ජල විදුලිය ද උපරිම ධාරිතාවට ළගාවීම අවිනිශ්චිත බවත් ඒ හේතුවෙන් රටම අකර්මණ්‍ය වීමට ඉඩ ඇති බවත් ඒ මහතා කියා සිටියා.