hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 21, ප.ව. 1:03



උත්සවය සමය හේතුවෙන් දින කිහිපයක් විදුලි කප්පාදුව අත්හිටුවීමට තීරණය කර ඇති බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව එළඹෙන 24,25,26 යන තෙදින තුළ මෙලෙස විදුලි කප්පාදුව සිදු නොවනු ඇති.

මේ අතර දෙසැම්බර් මස 31 වනදා සහ 2023 ජනවාරි මස 01 වනදා ද විදුලි කප්පාදුවක් සිදුනොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර ජනවාරි මාසය තුළ ද විදුලි කප්පාදුව පැය 2යි මිනිත්තු 20ක කාලයක් පමණක් සිදුකිරීමට කටයුතු සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.