hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 ජනවාරි 15, පෙ.ව. 5:36



කැළණිතිස්ස බලාගාරයේ විදුලි ජනන ක්‍රියාවලියට අවශ්‍ය නැප්තා මෙට්‍රික්ටොන් 2300 ක් ලබාදීමට ක්‍රියා කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

ඒ අනුව බිඳ වැටීමකින් තොරව බලාගාරයේ ජනන කටයුතු පවත්වාගෙන යා හැකි බවද ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ධම්මික නවරත්න මහතා කියා සිටියා.

කැලණිතිස්ස බලාගාරයට අවශ්‍ය නැප්තා තොග ලැබීමේ ප්‍රමාදය හේතුවෙන් එහි ජනන කටයුතුවලට පසුගිය දින කිහිපයේදී බාධා එල්ල වුණා.

මේ හේතුවෙන් විදුලි ඉංජිනේරුවරුන් සහ වෘත්තීය සමිති නියෝජිතයින් කියා සිටියේ බලාගාරය අක්‍රීයවීමේ අවධානමක් පවතින බවයි.

කෙසේ වෙතත් ලංකා විදුලි බල මණ්ඩලය මගින් පසුගිය 12 වැනි දින නැප්තා මෙට්‍රික්ටොන් 770 ක් සහ තවත් නැප්තා මෙට්‍රික්ටොන් 2300 ක් ලබාදීමට ක්‍රියාකරනු ලැබුවා.

ඒ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට අහිමිවීමට ගිය මෙගාවොට් 165 ක විදුලි ධාරිතාව බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යාමට හැකියාව පවසනවා.