hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 23, පෙ.ව. 5:22



විදුලිය විසන්ධි වූ අවස්ථාවන්හිදී නිවසේ වෙළඳසැලේ විදුලි බලයෙන් ක්‍රියාත්මක විදුලි බල්බ රූපවාහිනි, තරාදි ආදී විදුලි මෙවලම් ක්‍රියාත්මක වන පහසු පද්ධතියක් ගලේවෙල ප්‍රදේශයේයේ විදුලි කාර්මිකයකු විසින් නිෂ්පාදනය කොට තිබෙනවා.

ඉතා සරල ක්‍රමවේදයක් යටතේ අඩු  මුදලකින් පැය ගණනාවක් නිවසේ විදුලි බලය  ක්‍රියාත්මක කර කරවීම සඳහා මෙම විදුලි උත්පාදන ක්‍රමවේදය උපයෝගී වන බව හෙතෙම සඳහන් කරනවා.

ගලේවෙල නබඩගහවත්ත ප්‍රදේශයේ පදිංචි විදුලි කාර්මිකයකු වූ එම්.එම්.මොහොමඩ් මිහිලාර් මහතා මෙම නිපදවීම සිදු කර තිබෙනවා.

ඔහු මේ වනවිටත් ප්‍රදේශයේ නිවාස වෙළඳසැල් වලට තම නිෂ්පාදනය ලබාදී තිබෙනවා.

රුපියල් 25000කට ආසන්න මුදලකින් විදුලිය විසන්ධි වූ ඕනෑම අවස්ථාවක නිවසේ විදුලි බලය ක්‍රියාත්මක කිරීම සඳහා එම මෙවලම සවි කිරීමට හැකි බවත් තමන් ඉවතලන කම්පියුටර් කැබලි සහ විවිධ විදුලි උපකරණ සොයො එහි අභ්‍යන්තර කොටස් උපයෝගී කරගෙන මෙම විදුලි උත්පාදන ක්‍රමවේදය සැකසුූ බව ද මිහිලාර් මහතා සඳහන් කරනවා.

වාහන සඳහා උපයෝගී කර කරගන්නා බැටරියක් පමණක් උපයෝගී කරගෙන මෙම නව විදුලි උත්පාදන ක්‍රමවේදය සහ විදුලි උත්පාදනය ක්‍රියාත්මක වන බවද ඒ මහතා සඳහන් කළා.

විදුලිය විසන්ධි වන අවස්ථාවන්හිදී සිදුවන හිරිහැර කරදර පීඩනයට බොහෝ දෙනෙකු අති විශාල මුදලක් වියදම් කරන බවත් ඒ සඳහා ජෙනරේටර් ක්‍රියාත්මක කිරීම සඳහා භූමිතෙල් සහ අනෙකුත් ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීම තුළ තමන් මෙම ක්‍රමවේදය සොයාගත් බවද හෙතෙම සඳහන් කළා.

ඒ අනුව රුපියල්  25,000 ක මුදලක් වියදම් කරන ඕනෑම අයෙකුට කිසිදු ගැටලුවකින් තොරව විදුලිය විසන්ධි වූ අවස්ථාවන්හිදී නිවසේ විදුලිය ලබා ගැනීමට හැකියාව පවතින බව ඒ මහතා සඳහන් කර සිටිනවා.