hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 ජනවාරි 23, පෙ.ව. 4:45



අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද ආරම්භ වුවත් පැය 02 යි විනාඩි 20 ක විදුලි කප්පාදුව තවදුරටත් ක්‍රියාත්මක බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ උසස් පෙළ පැවැත්වෙන කාලය තුළ විදුලි කප්පාදුවක් සිදුනොකරන ලෙසට තම කොමිසම විදුලිබල මණ්ඩලයට නිර්දේශ කර ඇති බවයි.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුවක් සිදුනොකරන ලෙස කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසමේ සහ විදුලිබල මණ්ඩලයේ එකඟත්වය හිමිවූ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළා.

කෙසේවෙතත් මහජන උපයෝගිතා කොමිසම අද විදුලි කප්පාදු කාලසටහන මෙසේ ප්‍රකාශයට පත් කළා.