hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 ජනවාරි 28, ප.ව. 1:56



ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිදු කරනු ලබන අනවසර විදුලි කප්පාදු පිළිබඳව දැනුම් දෙන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහ ජනතාවගෙන් සහ විදුලි පාරිභෝගිකයින් ඉල්ලා සිටිනවා.

එහි සභාපති ජනක රත්නායක මේ බව සඳහන් කර තිබෙනවා.

අදාළ අංක පහතින් දැක්වෙනවා.

උසස් පෙළ විභාගය පැවැත්වෙන, පෙබරවාරි 17 වන දින දක්වා කාලය තුළ විදුලි විසන්ධි කිරීමෙන් වළකින ලෙස දන්වමින් මහජන උපයෝගිතා කොමිසම, විදුලි බල මණ්ඩලයට නැවතත් ලිපියක් යොමු කර තිබෙනවා.

එහි සඳහන් කර තිබුණේ, විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් 331,709 දෙනෙකුගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම සියලු දෙනාගේ වගකීම බවයි.