2023 පෙබරවාරි 02, ප.ව. 4:06
හෙට දිනය දක්වා විදුලි කප්පාදුවක් නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදුන්නා.
ඒ, උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුවක් නොකරන බවට බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශව ලබාදුන් එකඟතාව කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ගොනුකළ පැමිණිල්ල අද (02) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි මෙම පෙත්සම කැඳවනු ලැබුවේ.
එහිදී ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට කියා සිටියේ මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් තම සේවාදායකයින්ට උපදෙස් ලබා ගැනීම සඳහා කාලය අවශ්‍ය බවයි.
එබැවින් මෙම පෙත්සම හෙට දින කැඳවන ලෙස එම නීතිඥවරු ඉල්ලා සිටියා.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11