hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 අගෝස්‍තු 08, පෙ.ව. 5:04



ඉහළ දැමෙන විදුලි බිලෙහි මිල ගණන් හෙට ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ ඉහල දැමෙන විදුලි බිලෙන් අඩු ආදායම් ලාභීන්ට සහනයක් ලබාදෙන්නේ දැයි මහා භාණ්ඩාගාරයෙන් විමසීමක් කළ ද ඒ සඳහා මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවයි.

මේ අතර අද (08) සිට අනිද්දා (10) දක්වා පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර දී තිබෙනවා.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කාණ්ඩ සඳහා පස්වරු 6.00 සිට රාත්‍රී 9.00 දක්වා පැයක කාලයක් විදුලිය කප්පාදු කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.