hit counter

2026 ජූනි මස 09 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 5:06



අද (29) දිනයේත් පැය පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 01ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

එම කලාප සඳහා රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇති.

M, N, O, X, Y, Z කලාප සඳහා අලුයම 5.30ත් පෙරවරු 8.00ත් අතර පැය 2යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සැලසුම් කර තිබෙනවා.

මේ අතර CC කලාප සඳහා පෙරවරු 6.00ත් පෙරවරු 8.30ත් අතර පැය 2යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.