hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 03, පෙ.ව. 6:41



කාර්මික දෝෂයකට ලක්ව තිබූ නොරෝච්චෝලේ ලක්විජය බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය අලුත් වැඩියාවෙන් පසුව යළි ජාතික පද්ධතියට එක් කළ ද, විදුලි කප්පාදු කාලසිමාවේ අඩුවක් සිදු නොවනු ඇතැයි මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

ඒ අනුව අද (03) දිනයේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 01ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

එම කලාප සඳහා රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇති.