hit counter

2025 මාර්තු මස 06 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 28, ප.ව. 8:18



කිරිබත්ගොඩ ප්‍රදේශයේ උපකාරක පන්තියක් අසලදී තම පුත්‍රයා ඇතුළු පිරිසකගේ පහර කෑමට ලක්වූ සිසුන් දෙදෙනාගේ මව්පියන් වෙත සිය කණගාටුව පළ කරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසට තමන් පොලිසියෙන් ද ඉල්ලා සිටි බවයි.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි උපකාරක පන්තියක් අසලදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් අදාල පන්තියේ සිසුන් දෙදෙනෙකුට පහර දී තිබුණේ පෙරේදා පස්වරුවේයි.

කළු පැහැති මෝටර් රථයකින් පැමිණි 5 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මෙම පහරදීම සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළා.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය විසින් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලිසිය පැවසූවේ ඇමති පුත්‍රයාගේ මිතුරෙකුගේ පෙම්වතියට, පහර කෑමට ලක්වූ සිසුවෙකු පෙම් හසුනක් දීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම පහරදීම සිදු කර ඇති බවයි.

පොලිසිය පැවසූවේ අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ පුත්‍රයා ඇතුළු පස් දෙනා පොලිස් ඇප මත මුදාහැරි බවයි.