hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූනි 11, ප.ව. 8:22



මන්නාරමේ යෝජිත සුළං විදුලි ව්‍යාපෘතිය පැවරීම සම්බන්ධයෙන් තමා කිසිඳු පුද්ගලයෙකුට හෝ ආයතනයකට බලපෑමක් නොකළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේදී ලංකා විදුලිබල මණ්ඩ‍ලයේ සභාපතිවරයා කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය සෑම ව්‍යාපෘතියක් ම ඉතාමත් පාරදෘශ්‍ය සහ වගවීමෙන් යුතුව නිසි ක්‍රියාදාමයන් අනුව පැවරීමයි.

ශ්‍රී ලංකාවට විදුලිබලය අත්‍යාවශ්‍ය වී ඇති මේ අවස්ථාවේ දී පුනර්ජනනීය බලශක්ති ක්‍රම පිළිබඳ සුවිශාල ව්‍යාපෘතීන් සඳහා ලැබෙන ඉල්ලීම් සීමිත බැවින් ඒවා ගැන සුවිශේෂ අවධානයක් දැක්වුව ද ව්‍යාපෘතීන් සඳහා ආයතන තෝරාගැනීමේ දී රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව පාරදෘශ්‍ය පරිපාටියක් යටතේ ක්‍රියාත්මක කරනු ලබන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉන්දියානු අදානි සමාගමට ලබා දීමට තීරණය කිරීම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා කෝප් කමිටුවේදී මෙසේ සඳහන් කළා.

‘ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා මාව සාකච්ඡාවකින් පස්සේ ගෙන්නලා මම හිතන්නේ ගිය නොවැම්බර් 24 වැනිදා වගෙ කිව්වා මේ අදානි සමාගමට දෙන්න මේක ඉන්දිය අගමැති මෝදි කියනවා මට බල කරනවා මේක දෙන්නේ කියලා කියනවයි කියලා. පස්සේ මම ඒ වේලාවේ කිව්වා මේකේ මේ මටවත් විදුලිබල මණ්ඩලයටවත් අයිති ප්‍රශ්නයක් නෙමෙයි. මේක ආයෝජන මණ්ඩලයට අයිති ප්‍රශ්නයක් කියලා.නෑ නෑ ඔයා මේක. මම ඒ හින්දා ලියුමක් ලියලා දැන්මා මට මෙන්න මෙහෙම ජනාධිපතිතුමා නියෝගයක් දෙනවාය කියලා මුදල් අමාත්‍යාංශ ලේකම් කිව්වා මේක ඔහෙන් කර ගන්න. මේක විදුලිබල මණ්ඩලයට අදාල ප්‍රශ්නයක් නෙමෙයි කියලා’









ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: