hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අප්‍රේල් 30, පෙ.ව. 10:36



ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිය පනත යටතේ ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වන පරිදි නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන විසින්.

නව ගැසට් නිවේදනය ප්‍රකාරව 2019 ඖෂධ නියෝග යටතේ ගැනෙන පරිදි මිල ඉහළ සීමා මෙමගින් තවදුරටත් සංශෝධනය වනවා.

මෙම නියෝග පළ කර ඇත්තේ, එය ප්‍රකාශයට පත් කරන ලද දිනයේ සිට සංශෝධිත පරිදි 2019 මැයි මස 15 වැනි දින අංක 2123/35 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2019 ඖෂධ (මිල ඉහළ සීමා) නියෝගවල උපලේඛනයේ පස්වැනි තීරුවේ නිශ්චිතව දක්වා ඇති උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලක් වන යම් ප්‍රතිශෝධිත සිල්ලර මිලකට 2021 අගෝස්තු මස 19 වැනි දින අංක 2241/43 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගවලින් සංශෝධිත 2019 මැයි මස 15 වැනි දින අංක 2123/35 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2019 ඖෂධ (මිල ඉහළ සීමා) නියෝග යටතේ යම් උපල්ඛනගත ඖෂධයක් විකුණනු ලබන යම් නිෂ්පාදකයෙකු හෝ ආනයනකරුවෙකු විසින් එම ප්‍රතිශෝධිත සිල්ලර මිල සමානුපාතිකව සම්පූර්ණ වශයෙන් 40%ක අගයක් යටතේ වැඩි කිරීමට නව ගැසට්ටුව මගින් අවසර හිමිව තිබෙනවා.

එමෙන්ම විකිණීමේ කාර්යය සඳහා උපලේඛනගත ඖෂධ සන්තකයේ තබාගෙන සිටින සෑම වෙලෙන්ඳෙකු, බෙදාහරින්නෙකු, ඖෂධවේදියෙකු, වෛද්‍ය වෘත්තිකයෙකු, දන්ත වෛද්‍යවරයෙකු, පශු වෛද්‍යවරයෙකු, පෞද්ගලික වෛද්‍ය ආයතනයක් ඇතුළු වෛද්‍ය ආයතනයක්, ඔසුසලක් හෝ තැනැත්තකු විසින් උපලේඛනගත ඖෂධවල මිල, උපරිම සිල්ලර මිල හෝ ප්‍රතිශෝධිත සිල්ලර මිල යන දෙකෙන් වඩාත් අඩු මිලෙහි පවත්වාගෙන යා යුතු බව ද එම නිවේදනයේ සඳහන්.

මෙම නව ඖෂධ මිල සංශෝධනය යටතේ ඖෂධ වර්ග 60ක මිල සියයට 40කින් ඉහළ යනු ඇත.

මේ අතර, තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ පෙර කළ සංශෝධිත සහිතව 1925 අගෝස්තු 28 වැනි දින අංක 7481 දරන ගැසට් පත්‍රයේ පළ කරන ලද ධාන්‍ය ගබඩා කිරීම සම්බන්ධයෙන් වූ නව ගැස නිවේදනයක්.

ඒ අනුව ධාන්‍ය ගබඩා කිරීම සම්බන්ධයෙන් වන නියෝග හා අන්චිලෝස්ටෝමියාස් සම්බන්ධයෙන් වන නියෝග එහි 101 වැනි නියෝගය ඉවත් කිරීමෙන් තවදුරටත් සංශෝධනය කර බලාත්මක කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: