hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 20, ප.ව. 12:21



වහාම ක්‍රියාත්මක වන පරිදි බිස්කට් ඇතුළු රසකැවිලි ද්‍රව්‍යවල මිල සියයට 10-13 කින් අඩු කිරීමට තීරණය කර ඇති බව ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය (LCMA) පවසනවා.

ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකක මිල පහත වැටී ඇති බැවින් වෙළඳපොලේ රසකැවිලි ද්‍රව්‍යවල මිල අඩු කිරීමට තීරණය කර ඇති බවයි ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය සභාපති S.M.D. සූරියකුමාර මහතා පවසන්නේ.

රසකැවිලි නිෂ්පාදනය සඳහා භාවිත කරන සීනි ශ්‍රේණිය කිලෝග්‍රෑමයක් රුපියල් 40 කින් පහත වැටී ඇති අතර එළවළු තෙල් කිලෝවක මිල රුපියල් 250 කින් පමණ පහත වැටී ඇති බව ඔහු පෙන්වා දුන්නා.

මේ අතර මැලිබන් ආයතනය සිය ෆේස්බුක් පිටුව ඔස්සේ ඉදිරියේදී බිස්කට්වල මිල අඩු කිරීමට නියමිත බව සටහන් කර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: