hit counter

2024 මැයි මස 08 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 30, ප.ව. 7:22



පාසල් සිසුවෙකුට පහරදුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් පවත්වනු ලබන පරික්ෂණයක් හේතුවෙන් කොටගල පතන බෝගහවත්ත සිංහල මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කර ඇති බව වාර්තා වෙනවා.

එම විදුහලේ 10 වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවියකට ඊයේ (29) විදුහල්පතිවරයා විසින් කොසු මිටකින් පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් අනාවරණය විමෙන් පසු මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා විසින් සිද්ධය සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස ආණ්ඩුකාරවරයා විසින් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝගයක් ලබා දී තිබෙනවා.

එම පරික්ෂණය පැවැත්වෙන නිසා විදුහල්පතිවරයාව තාවකාලිකව නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලයට මාරු කර ඇති අතර, පහර කෑමට ලක් වු පාසල් සිසුවිය මේ වන විට දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.