hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2022 මැයි 08, ප.ව. 2:53



පොලිස් නිලධාරීන් නීත්‍යනුකූල නියෝග පමණක් ක්‍රියාත්මක කරන්නේ නම් ජනතා අරගලය ජයග්‍රහණය කරා ගෙන යා හැකි බව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති, හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි මහතා පවසනවා.

ගෝල්ෆේස් අරගලයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී ඒ මහතා මෙසේද අදහස් දක්වා සිටියා,

“පොලිස් නිලධාරීන් ඉන්නේ මහජනතාව ආරක්ෂා කරන්න. පොලිස් නිලධාරීන්ට අවශ්‍ය ඒ පරමාධිපත්‍ය බලය දීලා තියෙන්නේ මහජනතාව. ඒක නිසා ඒ මහජනතාව ආරක්ෂා කිරීම නිත්‍යානුකුලව සිදු විය යුතුයි. උද්ඝෝෂණකරුවන් තමන්ගේ උද්ඝෝෂණ නිත්‍යානුකුලව පැවැත්වීමටත් පොලිස් නිලධාරීන් තමන්ට ලැබෙන නිත්‍යානුකුල නියෝග පමණක් ක්‍රියාත්මක වෙනවා නම් මම හිතන්නේ ජයග්‍රහණය මේ අරගලයේ ඉලක්කය කරා යන එක කාටවත් නවත්වන්න බැහැ.”

මේ අතර ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් ගාලුමුවදොර ආරම්භ කළ විරෝධතාව අද (08) 30වන දිනටත් ක්‍රියාත්මකයි.

අප වාර්තාකරු ප්‍රකාශ කළේ අද පෙරවරුවේ ද විවිධ ප්‍රදේශවල පිරිස් අරගල භූමියට පැමිණ විරෝධතාවයේ නිරත වූ බවයි.

ගාලුමුවදොර විරෝධතාවට විවිධ කලා ක්‍ෂේත්‍රයන්හි ශිල්පීන් එක්වූ අතර, ඊයේ (07) පස්වරුවේ හඬකැවීමේ ශිල්පීන් එහි පැමිණියේ පාගමනින්.

මේ අතර, ගාලු මුවදොර විරෝධතාවට සමගාමීව අරලියගහ මන්දිරය ඉදිරිපිට අට්ටාල කිහිපයක් තුළ පැවත්වෙන විරෝධතාවද තවදුරටත් ක්‍රියාත්මකයි.

Example Image